ඉංජිනේරු සහකාරවරයෙකු සිය දිවි හානි කර ගනී

පුත්තලම වාරි මාර්ග කාර්යාලයේ සේවය කරමින් සිටි ඉංජිනේරු සහකාරවරයකු ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු කොට්ටුකච්චිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස ආසන්නයේ අඹ ගසක ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංජිනේරු සහකාරවරයකු ලෙස සේවය කරමින් සිටි 57 හැවිරිදි තිදරු පියෙක්.

අදාළ ඉංජීනේරු සහකාරවරයා වසරකට ආසන්න කාලයක සිට වකුගඩු රෝගයෙන් පිඩා විඳිමින් සිට ඇති අතර ඒ හේතුවෙන් බරපතල ලෙස ශාරීරික පිඩනයකට පත්ව දිවි ගෙවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහුගේ වකුගඩු නරක් විම හේතුවෙන් ඒ සඳහා වකුගඩු බද්ධ කිරීමට සූදානමක් තිබු බව ද හෙළිවී තිබෙනවා.

එසේ තිබියදී ජීවිතය පිළිබඳ දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි අදාළ ඉංජිනේරු සහකාරවරයා මෙලෙස දිවි හානි කරගෙන තිබෙනවා.

දිවි නසා ගැනිමට පෙර තම බිරිඳට, පුතුට, දියණියන් දෙදෙනාට සීආර් පොතක් පුරා සටහන් තබා ඇති අතර රෝගය දරුණු විම හේතුවෙන් ජීවිතයෙන් වෙන් වී යන බවටයි එහි සටහන් කර ඇත්තේ.

එම පොත තුළ තැබු සටහන්වල පුතුට දැඩි ලෙස අවවාද දෙමින් නරක මිතුරන් ඇසුරු නොකරන ලෙසත්, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතයට නොගන්නා ලෙසට මෙන්ම හොඳින් අධ්‍යාපනය හදාරන ලෙසත් දැඩි ලෙස අවවාද කර තිබූ බව සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෙම මරණය දිය දිවි නසා ගැනිමක් බවට සනාථ කර අදාළ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලිසියට නියෝග ලබා දී තිබෙනවා.

පුත්තලම මුලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?