ඉංජිනේරු සහකාරවරයෙකු සිය දිවි හානි කර ගනී

පුත්තලම වාරි මාර්ග කාර්යාලයේ සේවය කරමින් සිටි ඉංජිනේරු සහකාරවරයකු ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු කොට්ටුකච්චිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස ආසන්නයේ අඹ ගසක ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංජිනේරු සහකාරවරයකු ලෙස සේවය කරමින් සිටි 57 හැවිරිදි තිදරු පියෙක්.

අදාළ ඉංජීනේරු සහකාරවරයා වසරකට ආසන්න කාලයක සිට වකුගඩු රෝගයෙන් පිඩා විඳිමින් සිට ඇති අතර ඒ හේතුවෙන් බරපතල ලෙස ශාරීරික පිඩනයකට පත්ව දිවි ගෙවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහුගේ වකුගඩු නරක් විම හේතුවෙන් ඒ සඳහා වකුගඩු බද්ධ කිරීමට සූදානමක් තිබු බව ද හෙළිවී තිබෙනවා.

එසේ තිබියදී ජීවිතය පිළිබඳ දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි අදාළ ඉංජිනේරු සහකාරවරයා මෙලෙස දිවි හානි කරගෙන තිබෙනවා.

දිවි නසා ගැනිමට පෙර තම බිරිඳට, පුතුට, දියණියන් දෙදෙනාට සීආර් පොතක් පුරා සටහන් තබා ඇති අතර රෝගය දරුණු විම හේතුවෙන් ජීවිතයෙන් වෙන් වී යන බවටයි එහි සටහන් කර ඇත්තේ.

එම පොත තුළ තැබු සටහන්වල පුතුට දැඩි ලෙස අවවාද දෙමින් නරක මිතුරන් ඇසුරු නොකරන ලෙසත්, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතයට නොගන්නා ලෙසට මෙන්ම හොඳින් අධ්‍යාපනය හදාරන ලෙසත් දැඩි ලෙස අවවාද කර තිබූ බව සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෙම මරණය දිය දිවි නසා ගැනිමක් බවට සනාථ කර අදාළ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලිසියට නියෝග ලබා දී තිබෙනවා.

පුත්තලම මුලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරනවා.

  1. Meka poddak wenas wiy yuthui
    Ohu me de sidu kireemata hethuwa lesa ohuge pawle samagikayanta ohuwa karadarayak,barak wei lesa sitheemai
    Ohu pawle samata ithamath adaraneeya samajikayek
    Ema nisai ohu me de kireemata hethuwa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21