සධීර සමග ඇන්ජි අවසන් මොහොතේ ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවයි – ඇෆ්ගනුවන්ට ප්‍රබල ඉලක්කයක්

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරු හතට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් යුගලය සාර්ථක ආරම්භයක් ලබගත්තා.

එහිදි පැතුම් නිස්සංක ලකුණු 25ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 23ක් රැස් කළා.

නායක වනිදු හසරංග පන්දු 09ක් තුළ වේගවත් ලකුණු 29ක් ශ්‍රී ලංකා ඉනිමට එක්කළ අතර ඔහුගේ දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම ලකුණු 51ක් රැස්කරමින් සිය උපරිම දායකත්වය ශ්‍රී ලංකා ඉනිමට ලබා දුන්නා.

සධීර අද රැස් කළේ සිය පළමු 20-20 අර්ධ ශතකයයි.

ඇන්ජලෝ මැතිව්ස් ‍ලකුණු 42ක් රැස් කළ අතර 19 වන පන්දුවාරයේ දී ඔහු පිට පිට හයේ පහරවල් තුනක් එල්ල කරමින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්න්ට පීඩනයක් එල්ල කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබී කඩුලු දෙකක් සහ අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු 02ක් බිද දැමුවා.

ඒ,අනුව මෙම තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්තානයට පන්දු 120ක් තුළ ලකුණු 188ක් රැස්කරගත යුතුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30