ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූකම්පනයක්

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මින් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසන්නේ තවත් විශාලක පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි.

ඒ, අනුව මරණ සංඛ්‍යාව තවත් දුරටටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගනිස්ථාන වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර භූමිකම්පාවෙන් සිදු වූ හානිය බොහෝමයක් කුනාර් පළාතේ දක්නට ලැබෙන අතර, එහි භූමි ප්‍රමාණයෙන් 90% ක් පමණ කඳුකර භූමි බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට යන මාර්ග ඉතා පටුවීමත් ඒවායින් බොහොමයක් භූමිකම්පාවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් මුදා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ තලේබාන් ආරක්ෂක නිලධාරීන් පැවසුවේ ගම්මාන කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් “සිය ගණනක් මිනිසුන්” මිය ගොස් සහ තුවාල ලබා ඇති බවට විශ්වාස කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38