Fly high Get bonus Aviator Phone

ඇෆ්ගන් – පාකිස්ථාන එක්දින තරගාවලියක් අගෝස්තු අග ශ්‍රී ලංකාවේ දී

2023 ආසියානු කුසලාන තරගාවලියට පෙර ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

පාකිස්ථානය මෙම තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන අතර, එහි පළමු තරග දෙක අගෝස්තු 22 සහ 24 දෙදින හම්බන්තොට දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තුන්වන සහ අවසන් එක්දින තරගය අගෝස්තු 26 වනදා කොළඹදී පැවැත්වෙනවා.

ඉන් අනතුරුව ආසියානු කුසලානය වෙනුවෙන් දෙපිළම පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

පාකිස්තානය පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය අවසන් කළේ එහි ශුරතාවය ද හිමකර ගනිමින්.

මේ වන විට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් පාකිස්ථාන නායක බාබර් අසාම් ඇතුළු ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?