spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළට

ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් නුවර දේවස්ථානයක සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට පොලිසිය මේබව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති වුවත් ප්‍රදේශයේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී සංවිධාන මෙම ප්‍රහාරය පිටුපස සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම ප්‍රදේශයේ මීට පෙර ද එම අන්තවාදී සංවිධාන විසින් දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාර සිදුකර තිබීම ඊට හේතුවයි.

අද දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමත් සමග නේටෝ සහ ඇමරිකානු හමුදා එරටින් ඉවත් වුනා.

එම හමුදා ඉවත්වීමෙන් පසු එල්ලවූ දරුණුතම ප්‍රහාරය ලෙසටයි අද සිදුවූ පිපිරීම සැලකෙන්නේ.

update : – 2021 October 08 – 18.26

——————————————————–

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 50ක් මරුට


ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් නුවර දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.
සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් අනතුරුව සිදුවූ දරුණුතම ප්‍රහාරය බවට විශ්වාස කෙරෙනවා.

මෙම පිපිරීමෙන් තවත් විශෘල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීනව ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමක් මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?