ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළට

ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් නුවර දේවස්ථානයක සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට පොලිසිය මේබව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති වුවත් ප්‍රදේශයේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී සංවිධාන මෙම ප්‍රහාරය පිටුපස සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම ප්‍රදේශයේ මීට පෙර ද එම අන්තවාදී සංවිධාන විසින් දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාර සිදුකර තිබීම ඊට හේතුවයි.

අද දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමත් සමග නේටෝ සහ ඇමරිකානු හමුදා එරටින් ඉවත් වුනා.

එම හමුදා ඉවත්වීමෙන් පසු එල්ලවූ දරුණුතම ප්‍රහාරය ලෙසටයි අද සිදුවූ පිපිරීම සැලකෙන්නේ.

update : – 2021 October 08 – 18.26

——————————————————–

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 50ක් මරුට


ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් නුවර දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.
සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් අනතුරුව සිදුවූ දරුණුතම ප්‍රහාරය බවට විශ්වාස කෙරෙනවා.

මෙම පිපිරීමෙන් තවත් විශෘල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීනව ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමක් මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09