ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කෙරෙනවා.
ප.ව. 6:28ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳකඩපහණ වෙත පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා පා තබන මොහොතෙන් පෙරහැරේ ගමන් ඇරඹෙනවා.
පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගා පරිශ්‍රයට ගෙවැදීමට නියමිතව තිබේ.













