ඇල්ල බස් අනතුරට කලින් රියදුරා සිදුකළ ප්‍රකාශයක් ගැන අනාවරණයක්

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 කණුව ප්‍රදේශය ආසන්නයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුර,බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කරගැනීමට නොහැකිව සිදුවූවක් බව සිදුකළ මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මේ අතර අනතුරට පෙර බස් රථය පැදවූ රියදුරා එහි ගමන් ගත් පිරිසට තිරිංගවල යම් දෝෂයක් පවතින බවට දැනුම්දුන් බව අනතුරින් දිවි ගලවාගත් බස් රථයේ සිටි පුද්ගලයෙක් පවසනවා.

එම අවස්ථාවේ එහි සිටි පිරිස “බොරු කියන්න එපා” යනුවෙන් පවසා සිනාසුණු බවයි දිවි බේරාගත් එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල ප්‍රදේශයේ පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් 15 දෙනෙකු මිය ගියා.

මෙම බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක සහ මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේද ගැටී මීටර් 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ අතර මෙම අනතුර සිදුවීමත් සමඟ අනතුරින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර සඳහා ඇල්ල ප්‍රදේශයට පැමිණ සිටි විදෙස් ජාතික කාන්තාවක් ද පැමිණ තිබෙනවා.

එම එංගලන්ත ජාතික කාන්තාව එරට සෞඛ්‍ය සේවිකාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21