ඇමරිකාවේ ටොනේඩෝවකින් 26ක් මරුට

ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ දැවැන්ත සුළි කුණාටුවකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ වන විට ආපදාවට පත්වූවන් සෙවීම් සහ බේරා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුණාටු හේතුවෙන් ග්‍රාමීය නගර කිහිපයක් විනාශ වූ අතර බටහිර ෂර්කි ප්‍රාන්තයේ රෝලිං ෆෝක් නගරය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් තිබෙනවා.

මෙම හානියට ප්‍රතිචාර දැක්වීම සඳහා මිසිසිපි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන්.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ජනතාවට උදව් කිරීමට හැකි සෑම දෙයක්ම කරන බවයි.

ජනතාවට යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට බලධාරීන් එක්ව කටයුතු කරන බවටයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

අද උදෑසන ඇලබාමා සහ ජෝර්ජියාවේ ප්‍රදේශවලට තවත් කුණාටුවලින් බලපෑම් එල්ල වනු අනාවැකි පළවී ඇති අතර විශාල හිම පතනයක් ද සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

මිසිසිපි හරහා ගිය ටොනේඩෝවෙන් ප්‍රාන්තය පුරා ජනතාවට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

මෙම ටොනේඩෝව පැයක පමණ කාලයක් පොළව මත රැඳී සිට ඇති අතර ඉන් සැතපුම් 170ක් (කිලෝමීටර් 274ක්) පමණ දිගට විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17