ඇමරිකාවේ කොරලරාඩෝ ප්‍රාන්තයේ ත්‍රස්ත ප්‍රහාරයක්

ඇමරිකාවේ කොරලරාඩෝ ප්‍රාන්තයේ බොල්ඩර් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බොල්ඩර්හි පර්ල් වීදි සංකීර්ණයේ රැස්ව සිටි පිරිසකට පුද්ගලයකු විසින් පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිහිකිරීම වෙනුවෙන් රැස් වූ පිරිසකට එම ප්‍රෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ප්‍රහාරයෙන් 06 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් අතර බරපතල පිළිස්සුම් ලැබූවන්ද සිටින බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 45 හැවිරිදි මොහොමඩ් සබ්‍රි සොලිමන් නැමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 2023 වසරේ දී වීසා බලපත්‍රය කල් ඉකුත්ව නීති විරෝධී ලෙස ඇමරිකාව තුළ රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරු ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ දී “පලස්තීනය නිදහස් කරන්න” යනුවෙන් කෑ ගැසූ බවයි නිලධාරීන් පැවසුවේ.

ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා මෙම සිදුවීම යුදෙව්වන් ඉලක්ක කරගත් භයානක යුදෙව් විරෝධී ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53