නේපාලයේ උද්ගත වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ෂිසීර් ඛානාල් (Shisir Khanal) සමඟ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (27) දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.
නේපාලයට අවශ්‍ය සහනයන් සහ ආධාර නිසි ලෙස හඳුනාගෙන ලබාදීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නේපාල බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව අමත්‍යා විජිත හේරත් විසින් නේපාල විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම් දී ඈති බවයි වාර්තා වන්නේ.
සමීපතම මිතුරෙකු සහ අසල්වැසි රටක් වන නේපාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවර සහයෝගය සහ කැපවීම සැමවිටම පවතින බව මෙහිදී අවධාරණය වී තිබෙනවා.













