Tuesday, January 7, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ඇමති ජී.එල් පීරිස් සීයා ට කරුණු කාරණා තේරුම් කරදී අපි ඔයාලට උගන්වන්න එන්නම් – ගුරුවරයෙක් සිසුන්ට තැබූ සටහනක්

විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවටගෙන නිරෝධායනයට යොමුකිරීමේ සිද්ධිය පිළිබඳ ලංකා ගුරු සංගමය අද (13) කොළඹ යුරෝපා සංගම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඊයේ ඔවුන් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ලිඛිතව දැනුවත්කිරීමටද පියවරගනු ලැබීය.  

මේ අතර අදාළ සිද්ධියට විරෝධය පා ගුරු සංගම් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අදත් සිසුන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු මුළුමනින්ම අඩපණ වුණි.   

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඉකුත් ජූලි 8 වැනිදා විරෝධතාවයේ නිරත වු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 33 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පසුව ඇප මත ඔවුන්ව මුදාහැරිය ද  පොලිසිය ඔවුන් මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යනු ලැබීය.

ඊට විරෝධය දක්වමින් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 14ක් ඊයේ සිට ඔන්ලයින් අධ්‍යාපන ලබා දිම, උසස් පෙළ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීම හා ප්‍රාදේශිය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන රාජකාරිවලින් ඉවත්විය.

එම වර්ජනය හේතුවෙන් අද දිනයේදි දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනිමට හැකියාව නොලැබුණි.

ඇතැම් ගුරුවරුන් සටහන් තබමින් දරුවන් මේ පිළිබදව දැනුවත් කර තිබුණි.

(උපුටාගැනීම) 

දරුවනේ 12 වෙනිදා සිට නිවාඩුයි 

ආදරණිය දුවේ , පුතේ 

“කොවිඩ් නිවාඩුවේදී අපට හැකි පමණින් හා හැකි ආකාරයෙන් ඔබට ඉගැන්විමට අපට හැකිවිම ගැන සතුටුයි අපි ඒවා කළේ මුදල් බලාගෙන නොවෙයි ඔබට ඇති ආදරය නිසයි එත් 12 වැනිදා සිට අකමැත්තෙන් වුණත් සියලු ඉගැන්විම්වලින් ඉවත්වීමට අප තිරණය කර තිබෙනවා අපිත් එක්ක තරහවෙන්න එපා.

අපිටත් ඔබටත් උදව් නොකරන අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් සීයාටත් කරුණු කාරණා තේරුම් කරලා දුන්නට පස්සේ අපි ඔයාලට උගන්වන්න එන්නම් එතකන් මෙතෙක් කරපු ඉගැන්වීම් නැවත බලා ගෙන සතුටින් හා විනෝදයෙන් එසේම පරිස්සමින් ඉන්න..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දට සම්බා කාලත් හමාරයි
04:31
Video thumbnail
සල්ලි වියදම් කරලා Club යන්න බැරි අයට තමයි - අපි මේ බස් හදලා තියෙන්නේ
13:48
Video thumbnail
නව නාම යෝජනා සමග පළාත් පාලන මැතිවරණය - සිංහළ අවුරුද්දට පෙර
08:06
Video thumbnail
චීනෙන් මෙරටට ලැබුණු තෑගි - සංකේතාත්මකව ප්‍රධානය කරපු හැටි මෙන්න
01:02
Video thumbnail
විශ්‍රාමිකයන්ගෙන් අය කරගත් බදු නැවත ගෙවන්න ජනපතිගෙන් උපදෙස්
01:43
Video thumbnail
හදීසියේ සමන් දෙවියොත් පාර්ලිමේන්තුවට වඩී - බස්නායක නිලමෙගෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
04:47
Video thumbnail
🔴 LIVE | නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය - 2025-01-07
07:56:57
Video thumbnail
ජාතික අවම වේතනය රු.60,000ක් දක්වා වැඩි විය යුතුයි - ජනපතිට ලේසි වෙන්නේ නෑ - මෙහෙමත් ඉල්ලීම්...
06:02
Video thumbnail
මාලිමාවේ චණ්ඩියාට පොලිසියත් නැමෙයි - ත්‍රීවිල් රියදුරෝ පාරට බහී
05:29
Video thumbnail
තොරොම්බල් ගලවලා දාන්න ඕන - රියදුරෝ කියයි
10:23

?