අපේක්ෂා රෝහලේ වාට්ටුව සෑදූ කතරගම නිලමේට එරෙහිව පැමිණිල්ලක් (වීඩියෝ)

මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුව සෑදූ කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් ව තිබෙනවා.

දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ කාමන්ත තුෂාර මහතා විසිනුයි අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ.

පසුගිය කාල වකවානුවේ දැඩි ආන්දෝලනයක් මැවූ ප්‍රවෘත්තියක් වූයේ කතරගම දේවාලය මගින් අපේක්ෂා රෝහලට වාට්ටු සංකීර්ණයක් සකසා දුන් බවට පළ වූ පුවත් සමගින්.

නමුත් කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා එම තනතුරට නුසුදුසු බවත් ඔහුට එරෙහිව 2013 -2015 තෙක් නඩුවක් ද විභාග වූ බවත් පැමිණිලිකාර පාර්ශ්වය පවසනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ දී මොහු බස්නායක තනතුරට පැමිණෙන බවත්; අපේක්ෂා රෝහලට වාට්ටුවක් සෑදීම වෙනුවෙන් කතරගමට එන බැතිමතුන්ගෙන් මොහු ටිකට්පතක් මුද්‍රණය කර මුදල් එකතු කර ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය වැඩිදුරටත් චෝදනා කරනවා.

එම ටිකට් පත මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය ම වැරදි බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

වත්මන් බස්නායක නිලමේවරයාගේ අතීතය ගෙන බැලුවහොත් හෙතෙම දූෂණ, වංචාවලින් පිරුණු අයෙක් බවත්, 2015 -2020 කාලයේ දී රුපියල් 50,000ක මුදලක් ද වංචා කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් වන දූෂණ චෝදනා ඇතුළත් සියලුම ලිපිලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබූ බවත් කාමන්ත තුෂාර මහතා පැවසුවා.

වහාම බස්නායක නිලමේවරයාගේ වත්කම් බැරකම් සෙවිය යුතු බවත්, කතරගම දේවාලයේ භාණ්ඩාගාරය නිසි විගණනයකට ලක් කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

  1. මෙන්න පටන්ගත්ත. මේ කාලකන්නි ඉන්නකං මේ රටට වැඩක් කරන අයෙකුට ඉන්නදෙන්නෙවත්, වැඩක් කරන්නවත් දෙන්නෙ නැති කාලකන්නි. අපි මේ වෙනුවෙන් පෙනී හිටිනව.

  2. මුන්ට පිස්සු…හොද වෑඩක් කලත් නිකම් ඉන්න උනාට අමු කැවිලා..රු50000ක් මොකද්ද..මේ රටේ වෙන දේවල් විදිහට…..කොහ්හෙන් හරි කොනක් හොයාගන්නවා…කාලකන්නි

  3. Henama kaalakanni kuhaka hathikarayak ape lankawe inne. Me wage basnaayaka nilmalewa arakshaa karanna one. Ara dalada maligaawe inna kena wage aya gena salakala balanna one galapenawada kiyala a thanthurata

  4. වැඩක් කරන කෙනෙක්ට කරන්න දීපල්ලා…. වැරදිම හොයන්නෙ නැතුව …කරනෙත් නෑ කරපු එකට ගරහන්නෙ නැතුව…තොපිත් අනිත් හිටපු හැත්ත වගේමයි ද් දැන් වැඩ කරන්නෙ…කරන මගුලකුත් නෑ

  5. තඩි හොරෙක් නේ පැමිනිල්ල කරලා තියෙන්නේ.වැඩක් කරන මනුස්සයෙක්ට වැඩක් කරන්න දීපල්ලා කාලකන්නි

  6. හොඳක් කලත් බලන් ඉන්න බැරි අය තමා ඉන්නේ මේ රටේ..දෙයක් කරන්න කවුරුත් නෑ..කලාට පස්සේ අකුල් හෙලන්න ඕන තරම් අය ඉන්නවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39