පාසල් ලිපිද්‍රව්‍ය ගන්න තවත් කාණ්ඩ කිහිපයක ළමුන්ට 6,000ක වවුචරයක්

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා එම දීමනාව ලබාදීමට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අයත් නොවන දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණභාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබාදීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා ඇති බවයි වාර්තා වන්නේ.

එම කාණ්ඩයන්ට අයත් පවුල්වල ළමුන් තෝරා ගැනීම සඳහා යාවත්කාලීන දත්ත පද්ධතියක් දැනට නොමැති වීම සහ යෝජිත ලිපිද්‍රව්‍ය 2025 නව පාසල් වාරය ආරම්භයේදීම ලබාදීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි මුළු පාසල් 10,096 අතුරින් ළමුන් සංඛ්‍යාව 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000ක් බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම දීමනාව වවුචර් පත්‍රයක් මඟින් ලබාදීමටත් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට රුපියල් 6,000ක් බැගින් වන දීමනාව මේ වන විටත් එම පවුල්වල බැංකු ගිණුම් හරහා ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

  1. ඔය දීමනාව දෙමාපියන් අහිමි වු (රජයේ සෙවකයකුගේ දරුවෙකුට)ලබා දෙන්නේ නැද්ද.

  2. Amma thattha idalath e lamainta kannath nathi pawl tiyenawa. Hena gahanawada pasal upakarana walata gahapu badda adu kala nam. Madai chande dunna. Mun okkoma ekai. Aswesuma aran shoppin gihin redi ganna unta thamai okkoma



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19