කොවිඩ්වලින් පසුව චීනයේ හිස ඔසවන HMPV මාරාන්තික වෛරසය

කොවිඩ් 19 වෛරසයෙන් පසු ව චීනයේ නව වෛරසයක් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙනවා.

සෞඛ්‍ය අංශ මෙම වෛරසය නම්කර ඇත්තේ ”HMPV”(Human Metapneumovirus) යනුවෙන්.

චීන සෞඛ්‍ය අංශය පවසන පරිදි මේ වනවිට (03) HMPV වෛරසය කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන් ම දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට වැළඳී තිබෙනවා.

මෙම වෛරසය ස්වභාවයෙන් දරුණු වන බවත් රෝගය වැළඳුණු පිරිස් වෙත විවිධ අසාධ්‍ය තත්ත්වයන් ඇති විය හැකි බවත් වාර්තා වනවා.

කොවිඩ් 19 වසංගතයෙන් වසර 05කට පසුවයි චීනයේ නැවතත් මෙවැනි රෝගයක් පැතිර යන්නේ.

මේ වනවිට මෙම රෝගය වැළඳීමෙන් එරට රෝහල් පිරී තිබෙනවා.

චීන රජය එරටට හදිසි තත්ත්වයක් පනවා ඇත්තේ HMPV වෛරසය වැළඳුණු බොහෝ පිරිස් ජීවිතක්ෂයට පත් වීමත් සමගයි.

මීට අමතර ව චීනය තුළ HMPV වෛරසයට අමතර ව ඉන්ෆ්ලුවෙන්සා A,Mycoplasma pneumoniae සහ කොවිඩ් ප්‍රභේද ද බහුවිධ වෛරස ලෙස සංසරණය වෙමින් පවතිනවා.

HMPV වෛරසය වැළඳුණු පුද්ගලයෙකුට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, කිවිසුම් යාම, නාසය හිරවීම, උගුර වණවීම, ශ්වසන අපහසුතා ඇති වීම දැකිය හැකියි.

මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය පුද්ගලයෙකුට දින 03-06ත් අතර කාලයක් රඳා පවතින බව ද වෛද්‍ය අංශ පවසනවා.

HMPV රෝගයේ සංකූලතා ලෙස ඇතැම් පුද්ගලයින්ට බ්‍රොන්කයිටීස්, නියුමෝනියාව, ඇදුම හෝ දැවිල්ල, කන් ආසාදන ඇති විය හැකියි.

මෙම වෛරසය පැතිරීම පාලනය කිරීමට අවම වශයෙන් තත්ත්පර 20ක් විෂබීජ නාශක දියර යොදා පිරිසිදු වතුරෙන් අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, නිරතුරුව ඇස්, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකීම සහ ආසාත්මික රෝග ඇති අය සමීපයේ ගැවසීමෙන් වැළකීම ප්‍රධාන වනු ඇති.

තමන්ට අසනීපයක් ඇත්නම් ස්වයං නිරෝධායනයක් සුදුසු බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර මෙම වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවල ද අවධානය යොමු වුණා.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ අද දිනයේ දී මෙම වෛරසය සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් අනතුරුව තොරතුරු ලබාදීමට ක්‍රියා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37