ඇමති ජී.එල් පීරිස් සීයා ට කරුණු කාරණා තේරුම් කරදී අපි ඔයාලට උගන්වන්න එන්නම් – ගුරුවරයෙක් සිසුන්ට තැබූ සටහනක්

විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවටගෙන නිරෝධායනයට යොමුකිරීමේ සිද්ධිය පිළිබඳ ලංකා ගුරු සංගමය අද (13) කොළඹ යුරෝපා සංගම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඊයේ ඔවුන් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ලිඛිතව දැනුවත්කිරීමටද පියවරගනු ලැබීය.  

මේ අතර අදාළ සිද්ධියට විරෝධය පා ගුරු සංගම් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අදත් සිසුන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු මුළුමනින්ම අඩපණ වුණි.   

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඉකුත් ජූලි 8 වැනිදා විරෝධතාවයේ නිරත වු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 33 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පසුව ඇප මත ඔවුන්ව මුදාහැරිය ද  පොලිසිය ඔවුන් මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යනු ලැබීය.

ඊට විරෝධය දක්වමින් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 14ක් ඊයේ සිට ඔන්ලයින් අධ්‍යාපන ලබා දිම, උසස් පෙළ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීම හා ප්‍රාදේශිය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන රාජකාරිවලින් ඉවත්විය.

එම වර්ජනය හේතුවෙන් අද දිනයේදි දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනිමට හැකියාව නොලැබුණි.

ඇතැම් ගුරුවරුන් සටහන් තබමින් දරුවන් මේ පිළිබදව දැනුවත් කර තිබුණි.

(උපුටාගැනීම) 

දරුවනේ 12 වෙනිදා සිට නිවාඩුයි 

ආදරණිය දුවේ , පුතේ 

“කොවිඩ් නිවාඩුවේදී අපට හැකි පමණින් හා හැකි ආකාරයෙන් ඔබට ඉගැන්විමට අපට හැකිවිම ගැන සතුටුයි අපි ඒවා කළේ මුදල් බලාගෙන නොවෙයි ඔබට ඇති ආදරය නිසයි එත් 12 වැනිදා සිට අකමැත්තෙන් වුණත් සියලු ඉගැන්විම්වලින් ඉවත්වීමට අප තිරණය කර තිබෙනවා අපිත් එක්ක තරහවෙන්න එපා.

අපිටත් ඔබටත් උදව් නොකරන අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් සීයාටත් කරුණු කාරණා තේරුම් කරලා දුන්නට පස්සේ අපි ඔයාලට උගන්වන්න එන්නම් එතකන් මෙතෙක් කරපු ඉගැන්වීම් නැවත බලා ගෙන සතුටින් හා විනෝදයෙන් එසේම පරිස්සමින් ඉන්න..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50