‘ක්ලීන් ශ්‍රී ලංකා’ පෞද්ගලික බස් රථවලට කරදරයක් වෙලා – බස් සංගම් වර්ජයක් ගැන අනතුරු අඟවයි (වීඩියෝ)

මෝටර් රථ ආඥා පනතට පිටින් කටයුතු කර පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇතිවන තත්ත්වයට පත් නොකරන ලෙස පුද්ගලික බස් සංගම් පොලිසියට අනතුරු අඟවනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ බස් රථ සඳහා සිදුකරන මෙහෙයුම්වල ගැටළු පවතින බවයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා එළඹෙන සතියේ වැඩබලන පොලිස්පතිවරයා හමුවන බවයි.

ඒ වන තෙක්; ලබන සතියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රජය විසින් ආරම්භ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පොලිසිය විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම ආරම්භ කළා.

එම පරීක්ෂා කිරීම්වලට අනුව මගී බස් රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා තිබෙනවා.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසන්නේ එලෙස සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් බස් රථ තුළ ගමන් කර බස් රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් නොමැති බවයි.

  1. වර්ජනය කරපියවු පුළුවන් නම්..
    නිකම් බොරු බයිල ගහන්නෙ නැතුව විනයානුකූලව රටේ නීතිය⁣ට අනුව තොපේ ඔය හුචක්කු ව්‍යාපාරය පවත්වාගෙන පලයවු..
    නැත්නම් බැරි එවුන් අයින් වෙලා විනය ගරුක මිනිසුන්ට ඒක කරගන්න දීල පව් නොදී ගෙදර පලයව්..

  2. මේ ලන්කාවෙ ලොකුම හිසරදය ඔය බස්. කිසිම විනයක් නැ . අර්ධ සුකෝපබෝගී කියලා normal leland බස් ම දුවනව. ගාන ව්ඩියෙන් අයකරනව. මේ රටේ මේ private,CTB දෙගොල්ලන්ගෙම ප්‍රමිතිය උසස් කරන්න ඔනී. කමක් නැ පොලිස් නිලධාරින් සිවිල් අදුමෙන් අවිල්ලා හරි මේක හදන්න ඔනී.

  3. Actually this a job that should implemented by your association not by the government. Main objective of having a bus regulatory association is to regulate the service providers. You are there to implement this kind of program and discipline your bus drivers on be half of the government. You should thank police for doing this to serve people, lift up the standards of the bus service and the country