විසිඑක් ලක්ෂයක වටිනාකමකින් යුත් සහල් සමග ගෙනා සුනඛයින් – සැකකරුවන්ට මාංචු

වෙළෙඳසැල්වලට විකිණීමට සහල් කිලෝග්‍රෑම් 8750ක් ප්‍රවාහනය කළ ලොරියක් රියදුරු සහ එහි සහායකයා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ලොරි රථයේ සහල් තොග සමග සුනඛයින් දෙදෙනකු ද ප්‍රවාහනය කරමින් සිටියදියි බලංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අද (04) පෙරවරුවේ දී බලංගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළෙඳසැලක් අසල දී ලොරි රථය නවත්වා සහල් මිටි බෑමට සූදානම් වන විට ලොරිය තුළ සහල් මිටි අතර මෙම සුනඛයින් දෙදෙනා සිට තිබෙනවා.

පසුව එම සිද්ධිය නගරයේ පුද්ගලයෙකු ජංගම දූරකථනයෙන් වීඩියෝගත කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම නිලධාරීන් විසින් ලොරිය සහ එහි රියදුරු ඇතුළු සහායක අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ පුද්ගලයා විසින් ලොරියේ සිටි සුනඛයන් වීඩියෝ කරන බව ලොරිරථ රියදුරු දුටු නිසා නිලධාරීන් පැමිණෙන විට සුනඛයන් දෙදෙනා ලොරියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් වාර්තා වනවා.

රුපියල් ලක්ෂ 21000 ඉක්ම වූ මුදලකට අලෙවි කරන කැකුළු සහල් තොගයක් මෙම ලොරියෙන් ගෙනැවිත් තිබූ බවත් ඒවා තිස්සමහාරාමයේ සහල් මෝලකින් රැගෙනවිත් ඇති බව ද හෙළි වුණා.

සහල් තොගය සමග සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38