සිරකුටියට බෝ අත්ත කඩා වැටීමෙන් මියගිය රැඳවියාගේ මළගෙදර ගිය පස්දෙනෙකුට වෙඩි – එක් අයෙකු මරුට (වීඩියෝ)

වැලිගම – කප්පරතොට ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (04) අලුයම 01ට පමණ නාඳුනන තුවක්කුකරුවන් පැමිණ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකුට වල්ලිවෙල මාර්ගයේ දී වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදි තුනකින් මෙම වෙඩික්කරුවන් පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයින් පස්දෙනාගෙන් දෙදෙනකුට පමණක් වෙඩි වැදී ඇති බවත් ඉන් එක් අයෙකු මරුමුවට පත් ව ඇති බවත් වැලිගම පොලිසිය පැවසුවා.

තුවාල ලැබූ පුද්ගලයා වැලිගම – වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇත්තේ තත්ත්වය බරපතළ වූ බැවින්.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචි ව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්‍රදේශයේ ම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

කෙසේවෙතත් මෙම මියගිය තරුණයා සහ සෙසු පිරිස ජනවාරි පළමු දින මාතර බන්ධනාගාරයේ සිර මැදිරියකට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවූවාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදියි අදාළ වෙඩි තැබීමට ගොදුරු වී ඇත්තේ.

T56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීමට යොදාගෙන තිබෙන බවත් රිවෝල්වර වර්ගයේ ජීව උණ්ඩ දෙකක් ද හමු වී ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් අනාවරණය නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05