ඇමති කෙහෙළියට එරෙහි නඩුවක් කල් යයි

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල් වන රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවිම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මාර්තු මස 09 වනදා කැඳන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්බන්ධනය මාර්තු මස 09 වනදා පැවැත්වීමටයි අධිකරණය නියම කළේ.

2012 වසරේ මැයි මස පළ වනදා සහ එම මස තිස් වනදා අතර කාලසීමාව තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොණුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයියෝ.. කොහේ ඉඳලා එනවද මන්දා - මාධ්‍යවේදීන්ව දැක්ක මෛත්‍රීට තදවෙයි
02:03
Video thumbnail
රෝහිතගේ දුව බයේ ගෙදරින් පැනලා ගිහින් ??
01:03
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11


?