ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානයේ

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පවතින ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුව හා ඒකාබද්ධ ක්‍රමවේදයකට අනුකූලව ප්‍රතිපත්ති ස්ථාපනය කිරීම පිළිබඳවයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම සංකල්පීය ප්‍රතිපත්ති රාමුව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

තවද, 2022 වන විට ආහාර සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානයේ පසුවන බවයි කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළ නිලධාරීන් අනාවරණය කළේ.

වගා නොකළ ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමේ හැකියාව ද කමිටුව විසින් මෙහිදී සලකා බලන ලද අතර මේ පිළිබඳ අධ්‍යයනයක් කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම සංශෝධිත ආහාර සුරක්ෂිතතාව (කෘෂිකාර්මික, සත්ව නිෂ්පාදන සහ ධීවර) පිළිබඳ සංකල්පීය රාමුව පිළිබඳව ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා අංශය සහ ආහාර සුරක්ෂිතතාව (කෘෂිකාර්මික, සත්ව නිෂ්පාදන සහ ධීවර) පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජාතික සභා අනු කමිටුව විසින් පත් කරන ලද ක්‍රියාකාරී කමිටුව සමග මෙහිදී සාකච්ඡා කෙරුණා.

ආහාර සුරක්‍ෂිතතාව (කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලද අතර මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා උක්ත කමිටුව මාස අටක පමණ කාලයක් රැස්ව තිබුණා.

රට තුළ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා මධ්‍යම හා දිගුකාලීන අදහස් මාලාවක් ඇතුළත් මෙම සංකල්පීය ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, වන හා සංරක්ෂණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු විවිධ අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ වයඹ පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දායක වී තිබෙනවා.

ඒ අනුව පැවති සාකච්ඡාවලින් අනතුරුව ජාතික සභා අනුකාරක සභාවේ සභාපති නාමල් රාජපක්ෂ නිර්දේශ කළේ සාකච්ඡා කර ඇති තොරතුරු ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස්ද ඇතුළත් වූ අවසන් කරන ලද වාර්තාව 2024 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පියවර ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31