ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියට එක්වන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.
තරගාවලිය සඳහා එක්වන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වලට එක් වුණා.
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලි ලබන 28 වනදා ආරම්භවීමට නියමිතයි.













