ආසන සංවිධායකගේ වාහනයේ ගැටී යතුරුපැදිකරුවෙක් මරුට

කලාවැව ආසන සංවිධායක, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක මහතා ගමන් ගත වාහනයේ යතුරුපැදියක් ගැටීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

බීමතින් යතුරුපැදියක පැමිණි දෙදෙනෙකු ආසන සංවිධායකවරයා ගමන් ගත් මෝටර් රථයේ පිටුපස ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී අනිල් රත්නායක මහතා අනුරාධපුර සිට තම්මැන්නාව ප්‍රදේශයේ තම නිවස කරා පැමිණෙන අවස්ථාවේ දී පසුපසින් පැමිණි යතුරුපැදියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙම අනතුරට ලක් වී තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් බීමතින් සිට ඇති බවටයි.

අනතුර සිදුවූ අවස්ථාවේම ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් තලාව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී එක් අයෙක් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ තම්මැන්නාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක තිදරු පියෙක්. අනෙක් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර සිදුවූ අවස්ථාවේදීම හිටපු විපක්ෂ නායකවරයාගේ කැබ් රථයෙන්ම එක් අයෙකු රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධියට අදාළව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තඹුත්තේගම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?