නාමල් ලබන 30 දක්වා රිමාන්ඩ්

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් ලබන 30 වනදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (23) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

නමුත් ඊට අදාළව කරුණු කීපයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව අදාළ කරුණු ලබන 30 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්