ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂයෙන් වෙන් වූ පත්ල පහත් බස් රථ සේවාව ඇරඹෙයි

ආබාධ සහිත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් පත්ල පහත් බස් රථ සේවාව අද (21) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධස්ථානයෙන් ආරම්භ වුණා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත්, මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන් හි නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර, විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන මෙම මාර්ග මගින් ආවරණය කෙරෙනවා.

රෝද පුටු භාවිත කරන මගීන්ට සහ දෘෂ්‍යාබාධිත මගීන්ට සේම ගැබිණි මව්වරුන්ට ද ඉතා පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පත්ල පහත් විශේෂ බස් රථ 10ක් අද (21) දිනයේ මෙලෙස මගී ප්‍රවාහනය වෙනුවෙන් යොදවනු ලැබුවා.

මෙම එක් බස් රථයක මගී ආසන 30 කින් සමන්විත වන අතර, මෙම බස් රථ සඳහා රෝද පුටුවලින් ගොඩවන මගීන්ට වෙනමම ආසන වෙන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
9
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59