ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා නීතිවිරෝධී ලෙස මගී සේවා බලපත්ර 56ක් නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව, මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













