අහුංගල්ලේ වෙඩි තැබීමට T56 ගිනි අවිය සැපයූ කමාන්ඩෝ සැරයන් කඳවුර තුළ දී අල්ලයි (ඡායාරූප)

පසුගිය 12 වනදා අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට T56 වර්ගයේ ගිනි අවිය ලබාදුන් පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක් (RSM) බවයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිස් වසමේ දෙවන කමාන්ඩෝ රෙජිමෙින්තු කිලිනොච්චිය කඳවුරේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු විසින් අපරාධය සඳහා ලබාදුන් T56 වර්ගයේ ගිනි අවිය දෙවන කමාන්ඩෝ රෙජිමෙින්තුව කිලිනොච්චිය කඳවුරට අයත් T56 – 2612651 අංක දරන ගිණි අවිය බවටයි හඳුනාගෙන ඇත්තේ.

රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට පත් මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පසුගිය 15 වනදා අත්අඩංගුවට ගැනුණු අදාළ සැකකරු මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් එම අපරාධය සිදුකිරීමට අදාළව දුරකථන සංවාද පවත්වා ඇති ජංගම දුරකථනයක් ද විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පසුගිය 12 වනදා දහවල් ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා පලාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුනේ බලපිටිය මූලික රෝහලටයි.

අහුංගල්ල පොලිස් වසමේ පිහිටි RIU හෝටලය ඉදිරිපිට සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසුගිය දා මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02