spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුමට ගිණුම් ආරම්භ කරන්න රාජ්‍ය බැංකු අදත් විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා ගිණුම් ආරම්භ කිරීම වෙනුවෙන් රාජ්‍ය බැංකු පද්ධතියේ බොහෝ ශාඛා අද (01) දිනයේ ද විවෘතව පවතිනවා.

මේ වනවිටත් ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

එම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසකම් ලබා ඇති අය හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙනවා.

මේ අතර දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබාදීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?