අස්වැසුමට ගිණුම් ආරම්භ කරන්න රාජ්‍ය බැංකු අදත් විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා ගිණුම් ආරම්භ කිරීම වෙනුවෙන් රාජ්‍ය බැංකු පද්ධතියේ බොහෝ ශාඛා අද (01) දිනයේ ද විවෘතව පවතිනවා.

මේ වනවිටත් ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

එම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසකම් ලබා ඇති අය හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙනවා.

මේ අතර දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබාදීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25