අවසන් කුඹල් පෙරහැරට විශේෂ රථ වාහන සැලැස්මක්

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (25) රාත්‍රී සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

රාත්‍රී හත පසුවී මිනිත්තු දෙකට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර සමඟින් පිටත්වන ඇසළ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදු වනවා.

ඇසළ පෙරහැරේ සිව්වන කුඹල් පෙරහර ඊයේ (24) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන ලද්දේ කැලණිය රජ මහ විහාරයට අයත් කණ්ඩුල ඇතු විසින්.

එම ඇතු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන පළමු අවස්ථාව ද එයයි.

මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඇසළ පෙරහැරෙහි ගමන් ගත් අතර දියවඩන නිලමේවරයා නියෝජනය කරමින් ඔහු ගමන් කළ පළමු අවස්ථාව ද එයයි.

පෙරහර නැරඹීම සඳහා අද දිනයේද විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගීව සිටි අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස ගොඩනැගිලි සහ මහජනයා පරීක්ෂා කිරීම් ඇතුලුව ආරක්ෂිත වැඩසටහන් රැසක් ආරක්ෂක අංශවල මැදිහත්වීම මත මෙම කාලය තුළ සිදු කෙරෙනවා.

පොලිසිය සඳහන් කළේ රන්දෝලි පෙරහැර සඳහා විශාල ජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

පසුගිය දිනවල සාර්ථක ආරක්ෂක ක්‍රමවේදයක් පොලිසිය ක්‍රියාත්මක කළ අතර පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම ද ඊට අයත්.

අලි ඇතුන්ගේ සංවේදිභාවයට හානිවන අහිතකර කටයුතුවලින් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් රාජකාරිවල යොදවා ඇති අතර රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම පෙරහැර නැරඹීමට පැමිණීමේදී අනවශ්‍ය  දෑ රැගෙන යාමෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.

WhatsApp Image 2023 08 25 at 13.42.38
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38