අවතැන් කඳවුරුවල සිටින ජනතාවට කඩිනමින් විසඳුම් දෙන්න – අගමැති හරිනි

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු රට පුරා ප්‍රතිසාධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර තිබෙනවා.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහ තිරසාර සහන සැලසීම, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සහ දීර්ඝකාලීන සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙනවා.

“Rebuilding Sri Lanka“ වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

‘Rebuilding Sri Lanka’ අරමුදලට මෙතෙක් ලැබී ඇති විදේශීය ආධාර සහ කාර්ය සාධක බළකාය මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධව මෙන්ම කාර්ය සාධක බලකායේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුවේ සාමාජිකයන් දැනුවත් කිරීමද මෙහිදී සිදු වුණා.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ආපදාවට පත් නිවාස ඇතුළු යටිතල පහසුකම් සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තාවක් මේ මස අවසන් වන විට ලබාදීමට හැකිවනු ඇතැ’යි මෙහිදී අවධාරණය කෙරුණා.

නිවාස හානියට පත්වූවන් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ අවතැන් කඳවුරුවල සිටින ජනතාවට ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙස උපදෙස් දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ඔවුන් තවදුරටත් අවතැන් කඳවුරුවල රැඳී සිටීමෙන් සමාජයීය ගැටලු මතු විය හැකි බවද පෙන්වා දුන්නා.

මෙම සාකච්ඡාව සඳහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටි අතර, ඔවුන් ඉදිරිපත් කළ අදහස්, යෝජනා සහ මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමුවුණා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අභයරත්න, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු සහ කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06