අයහපත් කාලගුණයෙන් පවුල් 2,511ක පුද්ගලයින් 10,050ක් ආපදාවට

‘මෝඛා සුළි කුණාටුව’ මේ වනවිට දිවයින්නෙන් සම්පූර්ණයෙන් බැහැරව ගොස් ඇති ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ සඳහන් කළේ පැවති අයහපත් කාලගුණයෙන් පසුගිය 10 වනදා සිට අද (16) දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 08ක ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 34ක, පවුල් 2511ක පුද්ගලයින් 10,050ක් ආපදාවට ලක්ව ඇති බවයි.

මෙහිදී පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර නිවාස 76කට පමණ අයහපත් කාලගුණයෙන් හැකි සිදුව තිබෙනවා.

පැවති වර්ෂාව අවසන් වුවද තවමත් සුළු ගංවතුර තත්ත්වයන්ගෙන් මාර්ග අවහිර වී ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

එසේ පැවතියත් වාහන ගමනා ගමනයට හානියක් නොමැති බවයි වට්ය්ජ වන්නේ.

මේ අතර ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීමට බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා කිහිපයක් ද සූදානමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම සඳහා සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එය ඊයේ (14) දිනයේ දී විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර වෙත භාර දී තිබෙනවා.

අධ්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ජුනි 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?