අමාත්‍යාංශවලට අලුත් ලියන මහත්තුරු

අමාත්‍යංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (23) පැවැති මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ අමාත්‍යංශ ලේකම්වරුන් අතර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද සිටියි.

ඔහුට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ලෙස ඩබ්.එච්. කරුණාරත්ත මහතා මහතාටත්,

උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්රි්ත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස ඩී.එල්.පී.ආර්. අභයරත්න මහතාටත්,

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස ඩී.එන් ලියනගේ මහත්මියටත්

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතාත්,

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මියත් පත් කිරීමට මෙම කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.

මීට අමතරව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස එම්.එන්. රණසිංහ මහතා පත්කිරීමටත්,

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29