මාන්කුලම් පොලිස් වසමේ තුනුක්කායි උදයසූරියන්නගර් ප්‍රදේශයේ අතුරුදහන් වූ දරුවා දින දෙකකට පසුව ඊයේ (12) රාත්‍රියේ නිවසටම පැමිණි බවට දරුවාගේ දෙමාපියන් පොලීසියට පවසා තිබෙනවා.
පසුගිය 10 වනදා අසල ළිඳකට දිය නෑමට ගොස් ආපසු නිවසට නොපැමිණිම හේතුවෙන් අතුරුදහන් වූ දරුවා සෙව්වද සොයා ගැනීමට නොහැකි වුවද ඊයේ දින තනියම නැවත දරුවා නිවසට පැමිණ තිබෙනවා.
විජයකුමාර් විදුසන් නිවසට පැමිණ පවසා ඇත්තේ තමන් දිය නෑමට ගිය අවස්ථාවේදී අසල කැලෑවේ සිට යමෙකු කතා කල බවටත් පසුව තමන් කැලෑවට ඇතුල් වූ පසුව කිසිවක් මතකයේ නොමැති අතරම අවසානයේ කොකාවිල් කැලෑව දක්වා ගමන්කොට කැලෑවෙන් එලියට පැමිණෙන තුරු සිදු වූවේ කුමක්දැයි යන්න කිසිවක් තමන්ට මතක නොමැති බවටත් කොකාවිල් කැලෑවෙන් එලියට ආ විගස නිවස සොයා පැමිණි බවටත්ය.
කෙසේ වෙතත් මේ වන විට දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන අතර ඒ පිළිබඳව මාන්කුලම් පොලීසියටද දැනුම් දී තිබෙනවා.