අධිවේගයට බැහැපු මී හරක් රංචුවක් නිසා අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස, හැලේකඩ ප්‍රදේශයේ දී වාහන 03ක් මී ගවයින් රංචුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (12) අලුයම 4.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මෝටර් රථයක්, බස් රථයක් සහ ලොරි රථයක් මෙලෙස මී ගවයින්ගේ ගැටී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අඟුණුකොළපැලැස්ස සහ බරවකුඹුක අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 177 කණුව ආසන්නයේ දී අනතුර සිදුව තිබෙනවා.

අඟුණුකොළපැලැස්ස සිට මත්තල දෙසට ධාවනය වූ වාහන තුනක් මෙලෙස මාර්ගය තුළ රැඳී සිටි මී ගවයින්ගේ ගැටී අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් මී ගවයින් දෙදෙනෙක් මියගොස් තවත් මී ගවයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ සිදුව ඇති අතර, මී ගවයින්ගේ ගැටී අනතුරට ලක්වූ බස් රථය විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන් ගත් රථයක්.

අනතුරින් රථවාහනවල ගමන් කළ කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40