දීර්ඝ නිවාඩුවත් සමඟ විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා සහ බදුල්ල සහ කොළඹ කොටුව අතර ද මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ද දුම්රිය දෙපාර්තමේන්තුව පොලිසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂණ නිලධාරීන් මෙම මෙහෙයුම සඳහා යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නායයාමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සුළු බාධාවක් එල්ල වී පැවතියා.

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය පස් කණ්ඩියක් කඩා වැටී මෙලෙස බාධා එල්ල වී තිබූ අතර, එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48