අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඉල්ලා අස්වීමේ සූදානමක ?

ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙම මස අවසානයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වනවා.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 වන බැවින් ඔහු මෙම වසරේ ජුනි 16 වන දින විශ්‍රාම යාමට නියමිතව සිටිනවා.

පසුගිය සඳුදා නීතිපති පාරින්ද රණසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලින් පසුව, බරපතළ අපරාධ නඩු 11ක් කඩිනමින් අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

එම තීරණ සමඟ අභියාචනාධිකරණ සභාපති විනිසුරුට එරෙහි දෝෂාභියෝගය පිළිබඳව තීරණය කිරීමට ද නියමිතව තිබී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ අතර, අභියාචනාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුනනා .

අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී. අබේකෝන් සහ එම්.එස්.කේ.බී.විජේරත්න ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33