ලොස් ඇන්ජලීස් ලැව්ගින්නට බිලි වූ ජීවිත ගණන ඉහළට – ගින්න නිවන්න මෙක්සිකාවෙනුත් සහාය (ඡායාරූප)

අමෙරිකාවේ පවතින දරුණු ලැව්ගිනි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඊයේ (11) සවස, ලොස් ඇන්ජලිස් ප්‍රාන්ත මරණ පරීක්ෂක කාර්යාලය නිවේදනය කළේ මෙම මරණවලින් මරණ 11ක් ඊටන් ගින්නෙන් සහ පහක් පලිසේඩ්ස් ගින්නෙන් සිදුව ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයින් 13 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පැතිර යන ලැව්ගින්න තවත් සතියක පමණ කාලයක් යනතුරු පැවතිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඒ, ඉදිරි දිනවලදීත් තද සුළං ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති පසුබිමකයි.

ලොස් ඇන්ජලීස් බලධාරීන් දැනට නගරය වටා ඇති ප්‍රධාන ලැව්ගිනි හතරක් පාලනය කරමින් සිටිනවා.

එහි විශාලතම ගින්න වන්නේ පැලිසේඩ්ස් ගින්නයි, එය 11% ක් පාලනය කර ඇති අතර එය අක්කර 23,654ක් පුරා පැතිරගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දෙවන විශාලතම ගින්න වන්නේ පසඩෙනා අවට පැතිරයන ඊටන් ගින්න වන අතර, එය අක්කර 14,118ක් දක්වා පැතිර ගොස් තිබෙනවා.

ඉන් 15% ක් පාලනය කර ඇති බවයි ලොස් ඇන්ජලීස් බලධාරීන් පවසන්නේ.

කෙනත් ගින්න අක්කර 1,052ක් දක්වා පැතිර ගොස් ඇති අතර, 90%ක් එය පාලනය කර ඇති ඇති බව සඳහන්.

අක්කර 799ක් පුටා පැතිර ගොස් ඇති හර්ස්ට් ගින්න 76% ක් පාලනය කර තිබෙනවා.

මේ අතර මෙක්සිකානු ගිනි නිවන භටයින් ද ලොස් ඇන්ජලිස් හි පැතිර ලැව්ගිනි නිවීම සඳහා සහාය වීමට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැලිසේඩ්ස් ගින්න පැතිරීම නැවැත්වීමේ උත්සාහයක් ලෙස ගිනි නිවන ද්‍රව්‍ය ගුවනින් හෙළමින් සිටින බවයි වාර්තා වන්නේ.

එය දැමූ ස්ථානය කාර්ය මණ්ඩලයට දැනගැනීම පහසුවීම සඳහා එම ද්‍රව්‍ය දීප්තිමත් රෝස පැහැයෙන් වර්ණාලේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44