Empty Ad
AFC Banner
Empty Ad

අභියෝගාත්මක කාලය ජයගැනීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය සහාය ඉල්ලයි

පැමිණෙන විවිධ අභියෝග මැද රටේ උත්තරීතරම ආයතනයක් වන පාර්ලිමේන්තුවේ කටයුතු උපරිම කාර්යක්ෂමතාවකින් ඉටුකිරීම සදහා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම උපරිම සහය අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

පාර්ලිමේන්තු මහලේකම් ධුරයට පත්වීමෙන් පසු ප්‍රථමවරට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අමතමින් පසුගියදා ඇය මේ බව සඳහන් කළා.

විශේෂයෙන් අත්දැකීම් බහුල පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඉදිරි වසර කිහිපය තුළ විශ්‍රාම යාමට නියමිත බැවින් ඇතිවන තත්ත්වයන් කළමනාකරණය කරමින් උපරිම සේවයක් ලබාදීමේ අවශ්‍යතාව මෙහිදී ඇය පෙන්වා දුන්නා.

එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සදහා පරිපාලන සේවයේ නිලධාරීන් බඳවා ගන්නා බවට පළ වූ පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් මහලේකම්වරිය මෙහිදී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?