පුතාව එලොව යවන්න හදපු ගිනිඅවිය නිසා පියා හිරේට

කලවාන – දෙල්ගොඩ, ගෝනලකන්ද ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි තුනක් සමග සැකකරුවකු පසුගියදා (10) අත්අඩංගුවට ගැනුණා.

කලවාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සැකකරු සමග තුවක්කු, වෙඩි බෙහෙත්, හිස් පතොරම් කොපු, කසිප්පු, තුවක්කු බට, කසිප්පු පෙරීමේ උපකරණ අත්අඩංගුව ගත් බව වාර්තාවනවා.

සැකකරු එක් ගිනි අවියකින් ඔහුගේ පුතෙකුට වෙඩි තැබීමට උත්සහා කර ඇති අතර එම පුතා විසින් ඔහුගෙන් තුවක්කුව උදුරාගෙන පොලිසිය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.

පසුව පොලිසිය ඔහුගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදි ඉහත ගිනිඅවි ඇතුළු උපකරණ හමුව තිබෙනවා.

එක් තුවක්කුවක් නිවස අසල බැද තිබිය දී සොයා ගත් බව ද පොලිසිය පැවසුවා.

එම තුවක්කුව සතුන් දඩයම් කිරීම පිණිස මෙලෙස බැඳ දමා ඇති බව විමර්ශනවල දී අනාවරණය වූ පොලීසිය සඳහන් කළා.

සැකකරු 74 හැවිරිදි වියෙහි පසුවන කම්මල්කරුවෙකු ලෙස කටයුතු කරන්නෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත 11 වැනිදා ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කලවාන මහේස්ත්‍රාත් නයනී කරුණාරත්න මහත්මිය නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39