පැහැරගත් දුම්රියේ සිරකරගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 340ක් නිදහස් කර ගනියි

බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් විසින් පැහැර ගන්නා ලද ජැෆර් එක්ස්ප්‍රස් දුම්රියේ සිටි දුම්රිය මගීන් 300කට වැඩි පිරිසක් (340ක් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත) සාර්ථකව ත්‍රස්ත්‍ර ග්‍රහණයෙන් නිදහස් කරගන්නා ලද බව පාකිස්තාන බලධාරීන් පවසනවා.

පැය 24කට වැඩි කාලයක් තිස්සේ බලුකිස්තාන සටන්කාමීන් සහ පාකිස්තාන ආරක්ෂක හමුදා අතර පැවති ගැටුමට මැදිව හිඳ ප්‍රාණ ඇපයෙන් නිදහස් වූ දුම්රිය මගීන් සිය ගණනක් අද (13) පෙරවරුවේ ක්වෙටා නගරයට පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

දුම්රිය පැහැර ගත් කණ්ඩායමේ සිටි සන්නද්ධ සටන්කාමීන් 33 දෙනෙක් ආරක්ෂක හමුදා ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.

ඒ් සමගම ප්‍රාණ ඇපකරුවන් 21 දෙනෙකු සහ ආරක්ෂක භටයන් හතර දෙනෙකු තම ප්‍රහාරවලින් මියගිය බව ප්‍රහාරයේ වගකීම භාර ගත් බලුච් විමුක්ති හමුදාව නිවේදනය කළා.

ප්‍රහාරය එල්ල වන විට දුම්රියේ මගීන් 440ක් පමණ සිට ඇති බව පාකිස්තාන හමුදා ප්‍රකාශකවරයා පවසනවා.

හමුදා ප්‍රහාර මධ්‍යයේ ඇතැම් සටන්කාමීන් දුම්රියෙන් පිටව ගොස් ඇති අතර, ඔවුන් මගීන් කිසියම් පිරිසක් අවට කඳුකර ප්‍රදේශයට රැගෙන යන්නට ඇති බව ආරක්ෂක නිලධාරීන් සැක පළ කරනවා.

ඛනිජ නිධිවලින් පොහොසත්, පාකිස්තාන පාලනය යටතේ පවතින බලුකිස්තාන් ප්‍රාන්ත අගනුවර වන ක්වෙටා සිට උතුරු පෙෂාවර් නගරය දක්වා ගමන් කරමින් තිබූ ජැෆර් එක්ස්ප්‍රස් දුම්රිය බලුච් විමුක්ති හමුදාව විසින් පැහැරගෙන තිබුණේ සිරගතකර සිටින තම දේශපාලන සගයින් නිදහස් කරන ලෙස ඉල්ලමින්.

එම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බලධාරීන්ට පැය 48 ක කාල සීමාවක් ලබා දී තිබූ සටන්කාමීන්, එය මග හැරියහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දැමීම ආරම්භ කරන බවට තර්ජනය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57