මිද්දෙණියේ ‘කජ්ජා’ ඇතුළු තිදෙනකුට මරු කැඳවීමට සහාය දුන් අයෙක් රට පනින්න යද්දී අල්ලයි (වීඩියෝ)

මිද්දෙණිය පොලිස් වසම තුළ ඉකුත් පෙබරවාරි මස 18 වැනි දින සිදු කර තිබූ ත්‍රිත්ත්ව මනුෂ්‍ය ඝාතනයට අදාළ අත්‍යවශ්‍ය සැකකරුවෙකු ඊයේ (12) දින රාත්‍රී ඩුබායි බලා පලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඅඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මොහු කටුවන, අගුලන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දොරේමුරේ බඩලගේ පසිදු සංජන නමැති 23 හැවිරිදි තරුණයෙක් බවයි.

සැකකරු ඊයේ රාත්‍රී 08.15ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, මිද්දෙණිය පොලිසියේ විශේෂ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20