වායු දූෂණය කරන මෝටර් රථ මහමග දී අල්ලයි (වීඩියෝ)

අවට පරිසරයට අධික ලෙස දුම් මුදා හරින රථ වාහන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මේ දිනවල (13) ක්‍රියාත්මක වනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනින් ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක් ව මෙම මෙහෙයුම් සිදු කරන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මහා මාර්ගයේ ධාවනය වන රථවාහන නවතා මෙම පරීක්ෂාව දිවයින පුරා සිදු කෙරෙනවා.

මෝටර් රථ නවත්වා වායු විමෝචන පරීක්ෂණ සිදු කිරීම මෙහි ප්‍රධාන කාර්‍යයයි.

ඊයේ (12) දහවල් ද පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක් ව හයිලෙවල් මාර්ග කොටසේ මෙම පරීක්ෂාව සිදු කළා.

එම දුම් පරීක්‍ෂණවලින් අසමත් වන රථ වාහන සඳහා දඩ නියම කිරීමක් සිදු නොකළ ද, දින 07ක කාලයක දී එම වාහන නඩත්තු කර නැවත වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශාඛාවට පෙන්වීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ රජයේ වාහන ද පරීක්ෂාවට භාජනය කිරීම යි.

  1. විමෝචන සහතික පිලිගැනීමට නොහැකි බව පැහැදිලිය. එසේ නම් ආදායම් බලපත්‍රය වෙනුවෙන් එය සපුරා ගැනීම අවශ්‍ය ද?

  2. ඇයි කෝච්චි ? රජ රට මැනිකේ කෝච්චිය බෙලිඅත්තෙ ඉඳන් අනුරාධපුරය දක්වාම දුම් නැවක් වගේ කළු දුමාරය සහිතව ධාවනය කරන්නෙ ..ඉන්දියාවෙන් අයින් කරපු කල් ඉකුත්වූ ඇන්ජින් මෙහාට පටවලා අපි දුම් බොනවා..

  3. බස් වල තොරොම්බල් අල්ලල රිවස් එකට ගිය ඔපරේෂන් එකේ 2 වන කොටසද ?
    තාම බස් ගැමුණු සීන් එකට ආවෙ නැද්ද වැඩේ කල් දාන්න ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16