වෛද්‍යවරියට අකටයුතුකම් කළ සැකකරුට සහාය දුන් දෙදෙනකු අත්අඩංගුවට – අද වර්ජනය නැවතුණත් අනුරාධපුර තවදුරටත් වර්ජිතයි

පසුගියදා (10) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරියකට අකටයුතුකම් කළ සැකකාර පුද්ගලයාට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කාන්තාවක් ඇතුළු දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුට නීතියෙන් සැඟව සිටීමට උපකාර කර ඇත්තේ ඔහුගේ ම සහෝදරියක් සහ තවත් අයෙකු බවයි.

එම සැකකරුවන් ඊයේ (12) රාත්‍රියේ දී ගල්නෑව – නිදිකුම්බායාය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනුණා.

පොලිසිය පැවසුවේ සැකකරු විසින් වෛද්‍යවරිය බිය ගැන්වීමට භාවිත කරන ලද පිහිය සොයාගැනුණ ද ඇය සතුව තිබී සොරකම් කරගෙන ගිය දූරකථනය මෙතෙක් හමු වී නැති බවයි.

කෙසේනමුත් සැකකරු විසින් වෛද්‍යවරියට අකටයුතුකම් කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දූරකථනයක් ළඟ තබාගැනීමේ චෝදනාවකට‍යි අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ වෛද්‍යවරියට අකටයුතුකම් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සැකකරු සිදුවීම සිදුවන දිනයේ දී වෙනත් වරදකට රක්ෂිත බන්ධනාගාරගත ව සිට අධිකරණයෙන් ඇප ලැබී එය අවසන් ව නැවත නිවස කරා යන ගමනේ දී වෛද්‍යවරිය ව දුටු බව පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

සැකකරු ඊයේ (12) දිනයේ ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටියදී ගල්නෑව පොලීසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් එක්ව සිදුකළ සෝදිසියක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

කෙසේවෙතත් මෙම සිදුවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය වෘත්තික කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින්.

එබැවින් හදිසි ප්‍රතිකාර සේවා, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල හැරුණුකොට සෙසු සියලු ම රජයේ රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර ලබාදීම් පවා ඇනහිටියා.

මේ තත්ත්වය හමුවේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත ආ ජනතාව පත් වූයේ ද දැඩි අපහසුතාවකටයි.

කෙසේවෙතත් ඊයේ පෙරවරු 10 පමණ වන විට සැකකරු අත් අඩංගුවට ගැනුණ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ අද (13) පෙරවරු 08 වන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

නමුත් අද පෙරවරු 08ට දීප ව්‍යාප්ත වර්ජනය අවසන් කෙරුණ ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වර්ජනය අඛණ්ඩ ව සිදු කෙරෙනවා.

ඒ සිය වෘත්තිකයින්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසට බල කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34