මිථ්‍යා මත බිඳ දමා පරම සත්‍යය ලොවට හෙළි කළ මැදින් පුන් පොහෝ දින අදයි

මැදින් පොහොය යනු ව්‍යවහාරික වර්ෂයේ තුන්වැනි පොහොයයි.

එම පොහොය අද (13) දින ඉමහත් ගෞරවයෙන් හා බැතියෙන් යුතු ව ලක්වාසී බෞද්ධ ජනතාව විසින් සමරනු ලබනවා.

දුරුතු හා නවම් පොහෝයවල පවත්නා ශාසනික හා ලෝකභිවෘද්ධි වටිනාකම මැදින් පොහොයට ද බලපාන බවයි ශාසනයේ දැක්වෙන්නේ.

මිනිසා කෙරෙහි පහන් සිතුවිලි සමුදායයක් ජනිත කරලීමට ඉවහල් වන ඉතාම වැදගත් සිද්ධි සමුදායක් සිදු වූ පොහොයක් ලෙස ද මෙය හැඳින්විය හැකියි.

අක්‍රියවාදය, උච්ඡේදවාදය ආදී විවිධ සමාජ දාර්ශනික මත පැවැති යුගයක නිගණ්ඨනාථපුත්‍ර මක්කලිඝෝසාල, කකුද කච්චායනය, අජිත කේශකම්බල ආදී ෂට් ශාස්තෘවරුන් සිටි යුගයක, විවිධ දෘෂ්ටි කෙරෙහි සිත් සතන් යොමු වූ අවධියක, නිශ්චිත ගමනක දෘෂ්ටියක ගමන් කිරීමට නොහැකි වූ වකවානුවක බුදුරදුන් බුද්ධත්වය ලබා මිථ්‍යා මතවාද සියල්ල සිඳ බිඳ දමා පරම සත්‍ය හෙළිකොට, ඒ සත්‍ය දහම ලෝකයාට පහදා දීමට මුල පිරුවේ ද මැදින් පෝය දා ය.

බෝසතුන් බුද්ධත්වයට පත්ව ලෝකාර්ථචර්යාවේ යෙදෙන බවත්, ලෝකාභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන ආකාරයත් පිළිබඳව කිඹුල්වත් නුවර වෙසෙන සුද්ධෝදන රජතුමාට දැන ගන්නට ලැබීම මත බුදුරදුන්ට කිඹුල්වතට වැඩම කරවීමට ඇරයුම් කළේ ද මැදින් පුන් පෝදා වනවා.

20,000ක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන කිඹුල්වතට වැඩම කරවීම සිදු වූයේ මැදින් පුන් පොහෝ දා බවයි ශාසනයේ දැක්වෙන්නේ.

මෙම දිනය සිහිපත් කරමින් අද දිනයේ දිවයින පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20