spot_imgspot_img

අපරාධයකට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් ඇලකින් සොයාගැනේ (ඡායාරූප)

කිසියම් අපරාධයකට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් ඌරුතුඩාව ප්‍රදේශයේ ඇල මාර්ගයක දමාගොස් තිබිය දී පොලිසිය විසින් අද (22) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව මෙම යතුරුපැදිය සොයාගෙන ඇති අතර, ඉදිරිපස ලියාපදිංචි අංක තහඩුව පමණක් සවිකර තිබූ එම යතුරුපැදියේ චැසි සහ එන්ජින් අංක මකා ඇති බවයි පොලිසිය පවසන්නේ.

යතුරුපැදියේ සවිකර තිබූ ලියාපදිංචි අංක තහඩුව අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අඟුරුවාතොට පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?