AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුලු 22ක් නිදොස් කොට නිදහස්

2010 වසරේ කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අභියස උද්ඝෝෂණයක් සිදු කර එහි දේපළවලට අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22ක් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙම නඩු විභාගයේ දී ඉදිරිපත් නොවූ බවයි.

ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

2010 වසරේ ඔක්තෝබර් මස 14 වනදා කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කර එහි දේපළවලට අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 කට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?