අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන ක්‍රෙඩිට් කාඩ් ගේමක් ගැසූ 11 වසරට පමණක් ඉගෙන ගත් තරුණයා

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂ 55ක පමණ විවිධ භාණ්ඩ මිලදී ගත් 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටියේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ජංගම දුරකථනයකින් අන්තර්ජාලයට යොමු වී ලබාගත් දැනුමෙන් මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තම අවසරයක් හෝ අනුදැනුමකින් තොරව කිසියම් පුද්ගලයකු අන්සතු කාඩ්පත් භාවිතා කරමින් රුපියල් ලක්ෂ 28ක මුදලක් අන්තර්ජාලය ඔස්සේ ගනදෙනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රධාන පෙළේ සමාගමකින් ලද පැමිණිල්ලක් අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩා ජංගම දුරකථනයක් උපයෝගී කරගෙන අනවසරයෙන් ගිණුම්වලට පිවිසී මෙම වංචාව අත්හදා බලා ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ප්‍රථමයෙන් රුපියල් 50ක පෙරගෙවුම් (reload) ඇණවුම් කර එය සාර්ථක වීමෙන් අනතුරුව කෙමෙන් කෙමෙන් ඉහළ මිළ ගණන් තිබෙන විවිධ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ඇතැයි පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

සැකකරුගේ පරිගණකය පරික්ෂා කිරීමේදී අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වලට අයත් දත්ත ලක්ෂ පහක් පමණ ගබඩා කර ඇති අතර 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා සැකකාර තරුණයා මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

බහුතරයක් භාණ්ඩ සැකකරු අන්තර්ජාලය ඔස්සේ ගෙන්වා ගෙන ඇත්තේ ව්‍යාජ ලිපිනයන් සඳහන් කර බවත් එම භාණ්ඩ ලබා දීමට නොහැකිව ඔහුට බෙදාහැරිමේ සේවකයා ඇමතුම් ලබා දීමෙන් අනතුරුව ඔහු එයට ආසන්නව සිටින බව පවසා බෙදාහැරීමේ සේවකයා හමුවට ගොස් භාණ්ඩ ලබා ලබා ගෙන තිබූ බව ද සඳහන්.

එකොළොස් වන වසරට පමණක් අධ්‍යාපනය ලබා ඇති සැකකරු පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් දැනුමක් ලබාගෙන අන්තර්ජාලයෙන් මෙම වංචාව සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25