22 වන සංශෝධන එරෙහිව ඉරාජ්ගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා.

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ සහ නිලන්ත සත්සර ගමගේ, මිලින්ද රාජපක්ෂ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති වලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙනවා.